දේශීය

“ගැසට් ගහලා ආණ්ඩුව කරන්නේ රටේම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක්”

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවාවට අදාල ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමට රජය ගෙන ඇති තීරණය හරහා සිදුකර ඇත්තේ රටේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සෞඛ්‍ය සේවාව පෙරට දමා ගෙන එනු ලබන මෙවැනි තීරණ මගින් අනෙතුක් වෘත්තීය සමිති වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද රජය උදුරාගෙන ඇති බවයි ඔවුන් අවධාරණය කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට මාස තුනහමාරක් තිස්සේ උත්සාහ කළ නමුත් ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට පියවර ගැනීමට ඔවුන් අපොහොසත් වූ බව කුමුදේශ් පැවසීය.

එම සභාවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩවර්ජනයක් පිළිබඳව දිගින් දිගටම අනතුරු අඟවා තිබියදීත් සෞඛ්‍ය ලේකම්වරයා නොසැලකිලිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

නිලධාරීන් තම රාජකාරිය නිවැරදිව ඉටු කළේ නම් ප්‍රායෝගිකව ගැටලු විසඳා ගත හැකිව තිබූ බව ඔහු පැවසීය.

ඒ වෙනුවට කුමුදේශ් අවධාරණය කළේ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් නිකුත් කර ඇති වාරණ නියෝගයක් පිළිබඳව මාධ්‍ය වාර්තා කළද තවමත් ඔවුන් දැනුවත් කර නොමැති බවද කුමුදේශ් සිහිපත් කළේය.

ඔවුන් මේ වන විට නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, එම වාරණ නියෝගය නිල වශයෙන් භාර දුන් පසු ඊට ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය.

Related posts

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

පලා ගිය කොවිඩ් රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment