විදෙස්

අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයි

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගං වතුර හා නාය යාම් හේතුවෙන් 94 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

රියෝද ජැනයිරෝ නගරයට උතුරින් කඳුකරයේ පිහිටි ඇති මෙම නගරයේ ගංවතුර හා නායයෑම්වලින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, මෝටර් රථ ජලයේ ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ එහි නගරාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ගලවා ගැනීමේ කණ්ඩායම් මඩ යට සිර වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එලෙස සිර ව සිටි 24 දෙනෙකු බේරා ගනු ලැබුවා.

මේ වනවිට රුසියාවේ නිල සංචාරයක නිරත බ්‍රසීල ජනාධිපතිවරයා කියා සිටියේ, විපතට පත්වූවන් සඳහා කඩිනම් ආධාර සංවිධාන කරන බවයි.

Related posts

ඔස්ට්‍රේලියාවට ඒමේදී අනිවාර්ය කොවිඩ් පරීක්ෂණය ඉවතට

Mohamed Dilsad

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

Editor O

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment