දේශීය

ලංකා ගුරු සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යක්‍ෂ හා කොමසාරිස් තනතුරු 18 ක් සදහා පළපුරුද්ද අනුව පත් කිරීම් සිදු නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ එම පත්කිරීම්වලට අදාළ සම්මුඛ පරීක්‍ෂණවලදී අක්‍රමිකතා සිදුව ඇති බවට සිය සංගමයට තොරතුරු වාර්තා වන බවයි

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි ක්‍රියාමාර්ගයක් දක්නට නොලැබෙන බවයි.

Related posts

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

මෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවර

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment