දේශීය

අදත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර පැමිණිල්ල යොමු කළ යුතු බවයි.

මේ අතර අද දිනයේත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ – බී සහ සී කාණ්ඩවලට දිවා කාලයේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට අද දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.

Related posts

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැරගෙන

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1400ක් පරීක්‍ෂාවට

Mohamed Dilsad

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment