ගොසිප්

බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF නිර්දේශ කරයි

(UTV | කොළඹ) – ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ .

ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.

බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

Related posts

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

කොරෝනා වෛරසය උල්කාවකින් ආ බව ඇත්තක්ද[VIDEO]

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment