දේශීය

බොරතෙල් බැරලයක මිල පහළට

(UTV | කොළඹ) – යුක්​රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඉරිදා (13 වැනිදා) ප්‍රකාශ කිරීමත් සමග ඊයේ (14 වැනිදා) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ පහත වැටිණි.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලර් 112 සීමාවේ පැවැති බ්‍රෙන්ට් (Bernt) බොරතෙල් බැරලයක මිල ඊයේ (14 වැනිදා) 3.6%කින් පහත බැස ​ඩොලර් 108.55ක් ලෙසින් වාර්තාවිය.

ඊට අමතරව ‘එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි’ (WTI) බොරතෙල් බැරලයක මිලද පසුගිය සතියට සාපේක්ෂව 3.7%කින් පහත බැස ඩොලර් 105.40ක් ලෙසින් ඊයේ (14 වැනිදා) සටහන් විය.
රුසියාව පසුගිය පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍ර ලෙස ඉහළ යෑම ආරම්භ විය.

ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 සීමාව දක්වා ඉහළ ගියේය.

ඒ අනුව යුක්රේන රුසියා යුද්ධය ඇරඹීන් අනතුරුව පසුගිය සතිය ආරම්භ වන විට බොරතෙල් බැරලයක මිල උපරිම ලෙස සියයට 40%කින් පමණ ඉහළ ගොස් තිබිණි.

Related posts

සාමාන්‍ය පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ

Mohamed Dilsad

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

Mohamed Dilsad

ආනයනය තහනම එක්ක රූපලාවන්‍ය ක්ෂේත්‍රයත් කොට උඩ

Mohamed Dilsad

Leave a Comment