දේශීය

“ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දෙනවා”  

(UTV | කොළඹ) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

කොළඹදී පැවති එම හමුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවය.

අසල්වැසියන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ඉන්දීය ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය පළකරන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එහි සඳහන් කර තිබේ.

මේ අතර ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ.

Mohamed Dilsad

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

සජින් වාස්ට ඇප මත මුදා හරින්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment