දේශීය

අද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණු

(UTV | කොළඹ) – අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් අද ( 29) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසයි.

මේ හේතුවෙන් හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

දුම්රිය රියැදුරන් පිරිසක් ඉලක්ක කරගනිමින් අසාධාරණ අන්දමින් අතිකාල කප්පාදු කිරීම, එක් එක් සේවාවාර සඳහා දුම්රිය රියැදුරන් නිල කිරීම, මාධ්‍ය හා විගණන අංශ මගින් දුම්රිය රියැදුරන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාර සඳහා දුම්රිය කළමනාකාරීත්වය නිවැරැදි පැහැදිලි කිරීමක් සිදුනොකිරීම, පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මාතර යන දුම්රිය ස්ථාන කේන්ද්‍රගතව දුම්රිය රියැදුරු කාර්යභාර නිලධාරී කාර්යාල ස්ථාපිත නොකිරීම යන හේතු කාරණා මත මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ වසරේදී දුම්රිය වෘත්තිය සංගම් ආරම්භ කරන ලද වර්ජන හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර ඒ සෑම ක්‍රියාමාර්ගයක් මගින්ම මගීන් දැඩි සේ අසීරුතාවට පත්විය.

Related posts

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment