දේශීය

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

(UTV | කොළඹ) – මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද ඖෂධවල මිල 20%කින් ඉහළ නැංවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) අනුමැතිය ලබා දී තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, අදාළ මිල ගණන් අප්‍රේල් 8 වන දා සිට බලාත්මක වන බව ය.

රුපියල අවප්‍රමාණ වීම සැලකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹ ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වන දා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනු ලැබ ඇත.

Related posts

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

Mohamed Dilsad

නීති විරෝධී මුල්‍ය ආයතන 02ක කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝග

Editor O

රථ වාහන දඩ මුදල් ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment