දේශීය

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

(UTV | කොළඹ) – කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව කොළඹට පැමිණි ජනතාව මේ වනවිටත් අඛණ්ඩව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙයි.

ගාලුමුවදොර පිටිය අසළ උද්ඝෝෂකයින් සඳහා වෙන්වූ ස්ථානයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසළත්, ඒ අවට මාර්ගවලත් මෙලෙස ජනතාව ස්වෙච්ඡාවෙන් අඛණ්ඩ විරෝධතාවයේ නිරත වන්නේ පෙරේදා උදෑසන සිට ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉවත්වන ලෙසත්, ජනතාව මුහුණ දී තිබෙන උග්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් බල කරමින් ජනතාව මෙලෙස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.

Related posts

උතුරේ ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කෙරෝනා

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment