දේශීය

ගෝල්ෆේස් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම්

(UTV | කොළඹ) – සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.

මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

අදත් කොවිඩ් මරණ 05ක්[RELEASE]

Mohamed Dilsad

ඉමිතියාස් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Editor O

Leave a Comment