දේශීය

අද ජාතික කළු විරෝධතාව

(UTV | කොළඹ) – රජයේ ක්‍රියා පිළි‍වෙතට එරෙහිව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් අද (20 වැනිදා) දින පැවැත්වෙන කළු විරෝධතා දිනයට සහ අප්‍රේල් 28 වැනි දින සංකේත වැඩවර්ජනයට පාලකයන් සවන් නොදෙන්නේ නම් එළැඹෙන මැයි 6 වැනිදා මුළු රටම හර්තාල් ව්‍යාපාරයක් කරා රැගෙන යන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඹවුහු ඊයේ (19 වැනිදා) මේ බව පැවසූහ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ වෘත්තීය සමිති ව්‍යාපාර, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ මහජනතාව මෙන්ම ආගමික නායකයන් සියලු දෙනා මේ හා සම්බන්ධවීමට නියමිත බවයි. එයටත් පාලකයන් නෑසූ කන්ව සිටින්නේ නම් මෙම හර්තාල් ව්‍යාපාරය ආණ්ඩුව ඉවත්ව යන තුරු සිදුකරන බවත් මෙය රට අඩපණ කරන හර්තාලයක් බවට පත්නොකර තවදුරටත් ජන පීඩක ආණ්ඩුවක් ලෙස කටයුතු නොකර වහාම ආණ්ඩුව හකුළා ගත යුතු බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස අවධාරණය කරන බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.

Editor O

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

කොළඹට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment