දේශීය

ආහාර විෂවීමකින් සේවකයින් 300කට අධික පිරිසක් රෝහලේ

(UTV | කොළඹ) – ගාල්ල, කොග්ගල පිහිටි ඇඟළුම් කම්හලක සේවකයින් 325 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඊයේ (අප්‍රේල් 19) දිනයේදී එම සේවකයින් ගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් ඔවුන් රෝගී වී ඇති බවට සැක ක‍රන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

අධ්‍යක්ෂවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, දැනට එම පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රෝහල තුළ ඇති බව ය.

Related posts

රිලව් ලක්ෂ 80 යි : වඳුරන් ලක්ෂ 40යි : වන සත්ත්ව සංගණනයේ දත්ත දෝෂ සහිතයි : ප්‍රදේශ කිහිපයක සංගණනය නැවත කළ යුතු බව නිලධාරීන් කියයි.

Editor O

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment