දේශීය

කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ආනයනික කිරිපිටි මිල ලබන සතියේදී බෙහෝ දුරට ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විට කිරිපිටි තොග අවසන් බවත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බවත්ය.

ඒ අනුව, කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ආනයනික කිරිපිට මිල මාර්තු 19 වන දා ඉහළ දැමූ අතර ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 250කින් සහ කිලෝ ග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 600කින් ඉහළ දැමීමට එම සංගමය කටයුතු කර තිබිණි.

මිල ඉහළ දැමීමත් සමග ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 790කට ය.

කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් අලෙවි වන්නේ, රු. 1945කට ය.

Related posts

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

කොළඹ වාරයේ බටහිර පර්යන්තය අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment