දේශීය

“අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්”

(UTV | කොළඹ) – රජය ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා වල ප්‍රගතිය ද ඉදිරිපත් කළ යුතුව තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කර තිබියදී මාර්ග සිතියම ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

“රටේ ඩොලර් හිඟයක් තිබෙනවා කියා දැන් රටේ ඉඩම් විකුණන්න යනවා. ආණ්ඩුවේ සිතියම මේකද?අද මේ ආණ්ඩුවට කිසිම සිතියමක් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා අස්විය යුතු බව කියනවා. තවත් පිරිසක් අගමැති අස්විය අස්විය යුතු බව කියනවා. ආණ්ඩුවේ මාර්ග සිතියම මේකද? අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්.යනුවෙන්ද සජිත් පේමදාස මහතා කීය.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

රාජිත සේනාරත්න CID යට

Mohamed Dilsad

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝග

Editor O

Leave a Comment