දේශීය

හෙට වර්ජන කිසිම අර්ථයක් නෑ – දිලුම්

(UTV | කොළඹ) – හෙට (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රි‍යාමාර්ගවල නිරත වීමට නියමිත යි.

ඊට සමගාමී ව කිසිදු ආකාරයක පොදු ප්‍රවාහනය තුළ එවැන්නක් සිදු නො වන බව, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළ බවත් ඒ හරහා එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා දැනුම් දී සිටිනවා.

මේ මොහොතේ වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත් වන්නේ දුප්පත් මහජනතාව ම බව පැවසූ අමාත්‍යවරයා, වර්ජකයින්ගේ පණිවිඩය ජනාධිපතිවරයා හා අගමැතිවරයා තේරුම් ගැනීමට උත්සාහ කරමින් යම් යම් විසඳුම්වලට එළැඹීමට තීරණය කර ඇති බවත් සඳහන් කරනවා.

තමන් වැනි ම දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන මෙම වර්ජනවල කිසි ම අර්ථයක් නැති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Related posts

බස් රථ මගීන්ගේ පහසුවට අලුත් ඇප් එකක්

Mohamed Dilsad

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලබන මාසයේ දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුයි

Editor O

Leave a Comment