දේශීය

ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස දැනුම්දීමක්

(UTV | කොළඹ) – ඉදිරි දින 03 තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.

ඊයේ දිනයේදී ඩීසල් තොග රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර ඉන්දීය ණය පහසුකම යටතේ තවත් නෞකා 03 ක් ඉදිරි සති 02 තුළදී දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනු ඇති බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.

ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීම් 1190 ක් සිදුකිරීමට පවතින බැවින් ඒවා අවසන් වන තුරු ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

Related posts

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

Mohamed Dilsad

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment