දේශීය

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වෙයි

(UTV | කොළඹ) – නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (මැයි 19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

සබරගමුව පළාතේ ත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේ ත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයට

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment