දේශීය

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් බලපත්‍ර තහනම ජුලි 25 දක්වා යලි දීර්ඝ කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළ බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැද වූ අවස්ථාවේයි ඔහුගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේ.

කබ්රාල් මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මී ළග නඩු දිනයේ කබ්රාල් මහතා පෙනී සිටින බවයි.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

Mohamed Dilsad

ආරුක්කු නවයේ පාළමේ ජල කාන්දුවක්….?

Editor O

ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ට එරෙහි, පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ විභාගය කල් යයි.

Editor O

Leave a Comment