දේශීය

අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි

(UTV | කොළඹ) – බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු බව ය.

අදාළ පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ බව ඔහු පැවසීය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (මැයි 30) පානදුර මූලික රෝහලේදේ සිදු කෙරිනි.

බණ්ඩාරගම, අටුළුගමදී අතුරුදන් වූ 9 හැවිරිදි ෆාතිමා අයිෂා අක්‍රම් දැරියගේ සිරුර අටුළුගම, මහ පල්ලිය ආසන්නයේ පිහිටි වගුරු බිමක තිබී මැයි 28 වන දා සොයා ගනු ලැබිණි.

Related posts

පොරොන්දු ක්‍රියාත්මක නොවුනොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

IDH මංසන්ධියේ වළ වහන්න තවමත් බැරිවෙයි

Mohamed Dilsad

Leave a Comment