දේශීය

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී විශේෂ යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් ප්‍රධානතම යෝජනාව වන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

මීට අමතරව අද දිනයේ දී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් සහ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන වගා කරන පුද්ගලයින්ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ද අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නියමිතය.

Related posts

“නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයාට විදේශ ගමන් තහනමක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී වර්ජනය ඉදිරියට ගෙන යාමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment