දේශීය

අගමැති රනිල් ශානක්කියන් ට සැරවෙයි

(UTV | කොළඹ) – මැයි මස 20 වනදා ශානක්කියන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලා අස්කරගතයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

“මැයි 20වනදා හැන්සාඩ් වාර්තාවේ ශානක්කියන් රාජපුත්තිරන් රාසමානික්‍කම් මන්ත්‍රිතුමා කියන එක. 20වන සංශෝධනය වාගේ රටට අහිකර දෙවල්වලට ඡන්දේ දුන්න නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ.

ඒ කියන්නේ විරුද්ධ අදහසක් තිබුණ නිසා ගෙවල් ගිනි තිබ්බා. 2020 බජට් එකට 20, 21 මේ කියන හැම බජට් එකේම ආර්ථික වැරදි ප්‍රතිපත්ති තිබුණා.

20,21 බජට් දෙකටම අත උස්සපු මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. කුමාර වෙල්ගම මන්ත්‍රිතුමාගේ එකට මුකුත් කළේ නෑ. ජනතාව පාවාදීම සහ ජනමතය පාවාදිම නිසා තමයි ඒගොල්ලන්ට වුණේ කියන එක මතක තබා ගන්න. කොහොමද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් එහෙම කතා කරන්නේ. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ඝාතනය කරද්දි එතුමාව විවේඡනය කරලා කතා කළේ පිටින්, කොටි සංවිධානයෙන්. දැන් මේක ඇතුළින් කරනවා. මොකක්ද මේකේ තේරුම.

එහෙනම් මේ ගෙවල් ගිනි තිබ්බ එක එතුමා අනුමත කරනවාද? මේ මරණ දෙක අනුමත කරනවා ද? වෙල්ගම මැතුමාට ගැහුව එක අනුමත කරනවාද? මේ සභාවේ මට එකක් අහන්න තියෙනවා. මේ පාර්ලිමේන්තුව වට කරද්දි එතන ඇවිල්ලා කිව්වා අපිට හානියක් වුණේ නෑ කියලා.

පහුවදා පෙරටුගාමි කුමාර ගුණරත්නම් එක්ක පිංතූරේ තියෙනවා. පෙරටුගාමි එක ප්‍රජාතන්ත්‍රවාදි වැඩ කරන එකට කවුරුත් විරුද්ධ නෑ. එකෙන් පිට ගියානේ. මේකද මේ පාර්ලිමේන්තුවේ සිදු වෙන්නේ. මම කියනවා ඔබ තුමාට එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කණගාටුව ප්‍රකාශ කරලා මේක ඉල්ලා අස්කර ගත්තේ නැති නම් කථානායකතුමාට ඒක විභාග කරලා අදාළ කොමිටියට දලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. නියොජ්‍ය කථානායකතුමනි මෙහෙම දේවල් මේ සභාවේ වෙන්න බෑ.”

Related posts

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment