දේශීය

IMF සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සහාය

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි .

Related posts

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment