(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ ලෝක ආහාර වැඩසටහන යටතේ හදිසි ආධාරයක් ලෙස ඩොලර් මිලියන 22 ක මුදලක් වහාම මුදා හැරීමට නියමිත බවයි.
ලාංකිකයන් ලක්ෂ 30 කට එමගින් සහන හිමිවීමට නියමිතයි.