දේශීය

රතන හිමි CID යට පැමිණෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි උන්වහන්සේ පැමිණ තිබෙන්නේ.

පසුගියදා පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඇතුළු පිරිසක් ඉල්ලීම් කළ බවයි.

Related posts

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Mohamed Dilsad

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට උපයන විට බද්ද ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment