දේශීය

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරනු නොලැබීම සහ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව මෑත කාලීනව දැඩි විවේචනයට ලක් වූ නඩු පිළිබඳ සලකා බලමින් යෝග්‍ය නීති හඳුන්වා දීමේ අරමුණින් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව මූලික කෙටුම්පතක් පිළියෙල කර ඇත.

එම මූලික කෙටුම්පත මත පදනම්ව නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment