දේශීය

හෙට සිට සතියම පාසල් නිවාඩු

(UTV | කොළඹ) – 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද දින එනම් 2022.07.03 දින පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන 2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය තුළ දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරනු ලැබේ.

Related posts

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම අද සිට

Mohamed Dilsad

කොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

Leave a Comment