දේශීය

දළදා පෙරහර බලන්න ආ දරුවා පැහැරගත් සැකකරු අල්ලයි

(UTV | කොළඹ) – නව හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මහරගම දුම්රිය ස්ථානයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ධාවනය වූ දුම්රියේ සැකකරු සමග ගමන් කරන දරුවෙකු බියට පත්ව සිටින ආකාරයක් නිරීක්ෂණය කල මගීන් විසින් ඒ සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබුණා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම දරුවා තලවතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පෙරේදා දිනයේදී මහනුවර ශ්‍රී දළදා පෙරහර නැරඹීමට පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් දෙමව්පියන්ට නොදන්වා දරුවා අනවසරයෙන් රැගෙන විත් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ දරුවාට සෙල්ලම් භාණ්ඩ රැගෙනදීම සඳහා කොළඹට රැගෙන ආ බවයි.

මෙම දරුවා අතුරුදන් බවට මහනුවර පොලිස් ස්ථානයටද පැමිණිල්ලක් ලැබී තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පේරාදෙණියේ පදිංචි 30 හැවිරිදි අයෙකු බවයි පොලිසිය කියාසිටියේ.

Related posts

ඉදිරියේ දී විදුලි බිලට සිදුවන වෙනස

Mohamed Dilsad

හමුදා සෙබළාගේ සියදිවි නසාගැනීම ගැන පොලිස් විමර්ශනක්

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment