විදෙස්

පකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

(UTV |  ලාහෝර්) – ගංවතුර තත්ත්වය හේතු කොටගෙන පකිස්ථානය තවදුරට ත් ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පකිස්ථානයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් මිය ගියි සංඛ්‍යාව 1,033 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

ගෙවුණු පැය 24ක කාලය තුළ 119 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමණාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනත් පාර්ශව ආපදා තත්ත්වය හේතුවෙන් සිය දායකත්වය ලබා දී ඇති නමුත් තවත් ආධාර අවශ්‍ය බව එරට බලධාරීන් පවසා තිබේ.

ඔවුන් වැඩිදුරට ත් කියා සිටියේ, පාකිස්තාන රජය ද හැකි අයුරින් සෑම උපකාරයක්ම මහජනතාව වෙනුවෙන් සිදු කරමින් සිටින බව ය.

“පකිස්ථානය ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටිනවා, නමුත් දැන් අපි ඒවා ජය ගැනීමට යන විට මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වුණා,” යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරි සල්මන් සුෆි මහතා බීබීසියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

චීනයේ බීජිං නුවරින් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment