ප්‍රමුඛ පුවත 1

නව කාලපාදක ගාස්තු ක්‍රමය යටතේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් නැහැ

(උදයම්,කොළඹ)  –  ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත. ඒ අනුව විදුලි පාරිභෝගිකයාගේ විදුලි භාවිතා කිරීමේ කාල වේලාව අනුව පහත පරිදි වන අයුරින් ඔවුන්ගේ කටයුතු සඳහා විදුලිය භාවිත කළ හැක.

කාලය                                                  ඒකකයක මිල (රුපියල්)
රාත්‍රී 10.30 –  උදෑසන 5.30                                               13
උදෑසන 5.30 – සවස 6.30                                                25
සවස 6.30 – රාත්‍රී 10.30                                                   54

මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වාදීම තුළින් විදුලි පාරිභෝගිකයන් සඳහා වන ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන අතර, මෙම ක්‍රමවේදය එකලා විදුලි සැපයීමක් සහිත විදුලි පාරිභෝගිකයන් හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ දිනකදී වැඩිම විදුලි ඉල්ලුම පවතින සවස 6.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අවම කර ගැනීමයි. කිසිදු පාරිභෝගිකයෙකුට මෙම ක්‍රම වේදයට අනුගත වීමට අනිවාර්යය නොකරන අතර, මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමති නම් පමණක් තෝරාගත හැකි ක්‍රමවේදයකි.

පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණදුන් අඩුම වර්ෂාපතනය සහිත වර්ෂය ලෙස 2016 වර්ෂය දැක්විය හැක. මෙම තත්ත්වය ජල විදුලි නිශ්පාදනය කෙරෙහි දැවැන්ත අභියෝගක් එල්ලවී ඇති අතර, මේ වනවිට ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම 28‍% ක් වැනි ඉතා අඩු ධාරිතාවක පවතී. කෙසේ නමුත් පවතින තත්ත්වය තුළ අප වෙත ඇති බලශක්ති  ප්‍රභවයන් ප්‍රශස්ත අයුරින් භාවිත කරමින් අඛණ්ඩ විදුලි සම්පාදනයක් රට තුළ තහවුරු කිරීම රජයේ අරමුණ වේ. එහිදී පසුගිය ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස වලදී අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන විසිහත් දහස් පන්සියයක් පමණ අමතර පිරිවැයක් රජය විසින් දරා ඇති අතර එය විදුලි පාරිභෝගිකයන් වෙත පිරිවැයක් ලෙස යොමුකර නැත.

ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීම් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. මෙම නව ක්‍රමවේද හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට සඳහා වඩාත් නම්‍යශීලී ආර්ථිකමය වාසිසහගත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයන් සඳහා යොමුවීමේ අවස්ථා පුළුල් කිරීමක් පමණක් වන අතර ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට මේ තුළින් කිසිසේත් අපේක්ෂා නොකරන බවට විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

ලංකාවේ විදුලි ඉල්ලුමෙන් සියයට හතලිහක් ගෘහාස්ශ්‍රිතව පවතින අතර එහිදී තිස්අටලක්ෂයක සූත්‍රිකා බල්බ පාවිච්චි කරනු ලබයි. එම පාරිභෝගිකයින් සදහා මාස 24 කින් ගෙවීයන පරිදි  LED  බල්බ ලබාදීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබිණි. ඒ අනුව LED බල්බ කෝටියක් ලබාදීමට කටයුතු කරන අතර පාරිභෝගිකයාට සිදුවන විදුලි ඉතිරියත් සමග දරන පිරිවැය අවම වේ. එමෙන්ම විදුලිබල මණ්ඩලය දරන පිරිවැය  මාස 04 ක් වැනි කෙටි කාලයක් තුළ පියවාගැනීමට අපේක්ෂිතය.

Related posts

GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්

Mohamed Dilsad

සුනාමි සහන මණ්ඩල කාලයේ නිහඬව සිටි පුද්ගලයන් අද රට හදන්න යනවා [VIDEO]

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment