දේශීය

තවත් පෙට්‍රල් නැවක් එයි

(UTV | කොළඹ) – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,500ක නෞකාවක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු අද (31) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මෙම නෞකාවට කඩිනමින් මුදල් ගෙවීම සඳහා බලශක්ති අමාත්‍යංශය අදාළ පියවර ගනිමින් සිටින බව ද තෙල් සංස්ථා උසස් නිලධාරියා කියා සිටියේ ය.

මේ වන විට දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් තෙල් සංස්ථාව යටතේ පවතින ඉන්ධන හල් වෙත බෙදා හරින බව ද හෙතෙම පැවසීය.

පසුගිය දින කිහිපයේ මෙරට තුළ උග්‍ර ඩීසල් හිඟයක් පැවති අතර ඉකුත් සතියේ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක නෞකාවක් පැමිණීමත් සමග මේ වන විට ඩීසල් අර්බුදය මග හරවා ගැනීම සඳහා දෙනිකව ඩීසල් තොග මෙට්‍රික් ටොන් 5000ක් පමණ බෙදා හරින බව ද එම නිලධාරියා වැඩිදුරට ත් කියා සිටියේ ය.

Related posts

රංජන්ගේ හඩ පරීක්ෂණයට දින නියම වෙයි

Mohamed Dilsad

දිවයින පුරා සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයි

Mohamed Dilsad

ලුණු බහාලුම් 400ක් වරායේ හිර වෙයි. නැවතත් ලුණු හිඟයක්….?

Editor O

Leave a Comment