දේශීය

රජයේ ආයතනවලට අලුත්ම චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා විසින්ගේ මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ජනතාව සිය ගැටලු ඉදිරිපත් කරමින් යොමු කරන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩනමින් පිළිතුරු ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරින් බැඳීසිටින බවත් යොමු කරන ලිපි සඳහා වහාම අවශ්‍ය පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් සතියක් ඇතුළත ලිපිය ලද බවට වන පිළිතුරු ලිපියක් හෝ යැවිය යුතු බවද එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.

කෙසේ වෙතත් අදාළ ලිපි සඳහා උපරිම සති 04ක් ඇතුළත පිළිතුරු යැවීමට කටයුතු කළ යුතු බවත් ලිපියේ අත්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ සෘජු දුරකථන අංකය සඳහන් කළ යුතු බව එම චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක් ඉදිරියේදී

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment