දේශීය

කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33ක් ආනයනයට අවසර

(UTV | කොළඹ) –  තිරිඟු පිටි, බිත්තර, පරිප්පු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33කට අදාළව නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි සහිතව අවස්ථාව ලබාදෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා (30) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය යටතේ පාරිභෝගිකයකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතුයි

ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා තිබෙනවා.

එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ කුවිතාන්සිය (බිල) පාරිභෝගිකයාට ලබාදී එහි පිටපතක් වෙළෙඳසලේ තබාගන්නා ලෙස ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීම අද

Mohamed Dilsad

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානය

Mohamed Dilsad

Leave a Comment