දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අද

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

1951 වසරේ සැප්තැම්බර් දෙවැනි දා කොළඹ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹෙන්නේ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන්.

71 වන සංවත්සර සම්මේලනය අද (02) පස්වරු 1.30ට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

අපේකමට පණ දෙමු – අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උර දෙමු යන්න මෙවර එහි තේමාව වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර සම්මේලනයට සමගාමීව අද එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමද සිදු වනවා.

ඒ සදහා අද දිනයේ නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවද කැදවා ඇති අතර ඊයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කරගත් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා එම කාරක සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

Mohamed Dilsad

ජනතා විමුක්ති පෙරමුණ 1988 දී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කළ බව රටේ ජනතාවට අමතක නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment