Trending News

බ්‍රිතාන්‍ය නව අගමැති ධුර කාන්තාවකට

(UTV |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත්විය. ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකිනි. ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවාය.මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර ඇත.

වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් කොන්සර්වේටිව් පක්ෂයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් නව අගමැතිනියට භාර ගැනීමට සිදුව ඇත්තේ අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන බ්‍රිතාන්‍යයි.

බොරිස් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අඟහරුවාදා එලිසබෙත් රැජින හමුවීමට ස්කොට්ලන්තයට යෑමටනියමිත අතර පසුව ට්‍රස් නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වෙනු ඇත.

2015 මැතිවරණය ජය ගැනීමෙන් පසුව කොන්සර්වේටිව් පක්ෂයෙන් පත්වූ සිව්වන අගමැති වන්නේ ට්‍රස්ය.

47 හැවිරිදි ට්‍රස්, බ්‍රිතාන්‍යයේ ජීවන වියදම් අර්බුදය විසඳීමට කඩිනමින් ක්‍රියා කරන බවට පොරොන්දු වී ඇති අතර, මාධ්‍ය වාර්තාවලට අනුව සතියක් ඇතුළත ඉහළ යන බලශක්ති බිල්පත් විසඳීමට සහ අනාගත ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන බව පවසා තිබේ.

Related posts

சட்டவிரோதமான முறையில் நாட்டிற்கு கையடகக்க தொலைபேசிகளை கொண்டு வந்த மூவர் கைது

Mohamed Dilsad

கைது செய்யப்பட்ட 8 பேரும் பிணையில் விடுதலை

Mohamed Dilsad

விசாக நோன்மதி தினத்தை முன்னிட்டு மூன்று புதிய முத்திரைகள் வெளியீடு

Mohamed Dilsad

Leave a Comment