දේශීය

රනිල්ට බ්‍රිතාන්‍යයේ කැබිනට් ඇමති ධූරයක්

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලිස් ට්‍රස්ගේ කැබිනට් මණ්ඩලයේ නව පරිසර අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන පත් කර තිබේ.

පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතර ම ඔහු, බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව ද කටයුතු කරනු ඇත.

මීට පෙර ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු වූ ජයවර්ධන නව අගමැති ට්‍රස්ගේ පළමු පෙළ ආධාරකරුවෙකි.

ඔහු 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය.

සිය නව තනතුර සම්බන්ධයෙන් ට්ව්ටිර් පණිවිඩයක් නිකුත් කරමින් රනිල් ජයවර්ධන මෙලෙස සඳහන් කර තිබිණි.

“පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වීම වරප්‍රසාදයක්. ආහාර සුරක්ෂිතතාව සහ බ්‍රිතාන්‍ය ගොවීන්ට පිටුබලය දීමේ සිට ජල සුරක්ෂිතතාව සහ අපගේ ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම දක්වා කිරීමට බොහෝ දේ ඇති බව මම දනිමි. අපගේ ආහාර ලැබෙන්නේ කොහෙන් ද? යන්න හඳුනා ගැනීම ඉතා වැදගත්.”

Related posts

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

Mohamed Dilsad

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment