ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

(UTV | කොළඹ) – 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.

ක්‍රිකට් ශූරයන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ අවස්ථාවක් ද සූදානම් කර තිබූ බව යි වාර්තා වන්නේ.

මේ අතර, දැල් පන්දු ආසියානු ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් ද අද ශ්‍රී ලංකාවට පැමිණියා.

පසුව කණ්ඩායම් දෙක ම රිය පෙරහරකින් කොළබ බලා ඒමට නියමිත යි.

ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට සහ ඔවුන්ට ආදරය දැක්වීමට මඟ දෙපස බොහෝ ජනයා සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

Mohamed Dilsad

ඉන්දියාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස්හි IPL සිහිනය බොඳ වෙයි

Mohamed Dilsad

Leave a Comment