දේශීය

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

(UTV | කොළඹ) – රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

එහෙත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බව අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ අතර රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර ඇති අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය වඩාත් විදිමත්ව හා කාර්යක්ෂමව මෙන්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති සේවකයින් සංඛ්‍යාව තුලනය කිරීමට ද මේ වනවිට රජය කටයුතු කරමින් සිටී.

එමෙන්ම පසුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධීධාරීන් 60,000ක පමණ පිරිසට අවශ්‍ය ස්ථාන වෙන්කර ලබාදීම වෙනුවෙන් අදාළ කමිටුව මගින් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

ලබන 15 වැනි දායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන්

Mohamed Dilsad

කබ්රාල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

Mohamed Dilsad

Leave a Comment