(UTV | කොළඹ) – 2022 සැප්තැම්බර් 19 වන දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
2022 සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව පාසල් සඳහා ද එම නිවාඩුව ලබාදීමට තීරණය කර ඇත.
එබැවින්, අදාළ දිනය රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.