ගොසිප්

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

(UTV | කොළඹ) – ඉන්ධන නෞකා තුනකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද පස්වරුවේ පැවසුවේ ඩීසල් නෞකා දෙකක් සහ බොරතෙල් නෞකාවක් එලෙස මෙරට මුහුදු සීමාවේ නතර කර ඇති බවයි.

බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වී ඇත.

එම නිලධාරියා සදහන් කළේ එක් නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බවයි.

Related posts

ගුරු මවගෙන් පුත්‍රයාට අයිස්, ගංජා සමග සුපිරි මත්පැන් සාදයක්

Mohamed Dilsad

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

වත්තලින් කොවිඩ් ආසාදිතයින් රැසක් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment