දේශීය

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් අද(20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ අද දිනයේ සිට මහජනතාවට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කෙරෙන බවයි.

ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදී ඇති බව සඳහන්ය.

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීමට පසුගිය දා ඉදිරිපත් කළේය.

පාසල් බලධාරීන්හට තම අයදුම්පත්‍ර www.parliament.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි අතර 011 2 777 473 හෝ 335 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කළ හැකි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ සංචාරකයින්ට එම පහසුකම ලබාදිය හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

Related posts

මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි පළමු පෙත්සම අද කැඳවයි

Mohamed Dilsad

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment