දේශීය

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නිමා වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරලීම සඳහා අතිරේක ණය පහසුකම් ලබාදීම පිළිබඳ සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa පවසයි.

පිලිපීනයේ මැනිලා නුවරදී පසුගිය (26) වැනිදා ආරම්භ වූ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa,

“ඔබ දන්නවා මේ වන විට ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වනවා. අප සැවොම බලාපොරොත්තු වනවා මූල්‍ය අරමුදල සමග පවත්වන එම සාකච්ඡා සාර්ථක අන්දමින් අවසන් වනු ඇති බවට.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා දැනටමත් ඉතා ප්‍රායෝගික සහ ක්‍රියාකාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සඳහා එකඟවී තිබෙනවා.මේ කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදෙනු ලැබුවා දැනට පවත්නා ණය වැඩසටහන්වල අරමුණු වෙනස් කරමින්. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කර වාතාවරණය සැළකිල්ලට ගෙන හදිසි ණය ආධාරයක් ද අනුමත කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා සමාප්ත වූ වහාම ශ්‍රී ලංකාවට අතිරේක ණය ආධාර ලබාදීම පිළිබඳත් අප සලකා බලනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරලීමයි එහි අරමුණ වන්නේ.

Related posts

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

Mohamed Dilsad

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් අද වැඩ අරඹයි [PHOTOS]

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

Mohamed Dilsad

Leave a Comment