දේශීය

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

(UTV | කොළඹ) – ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත් අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවත් අමාත්‍යවරයා දැනුම්දෙයි.

එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කර බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

රජයේ ම්‍රද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රහාරයක්

Editor O

නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment