දේශීය

‘ඩීසල් මිල පහළ දැමීමට නොහැක’ – බලශක්ති අමාත්‍යාංශය

(UTV | කොළඹ) – ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.

එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි ගෙන් අරුණ කළ විමසුමක දී පෙන්වා දුන්නේ ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නැති ඇති බවය. එවැනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පෙරේද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දැමූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩුවූ බව ඔහු ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 කි.

Related posts

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීමට 10,000 ක් බදවා ගැනේ

Mohamed Dilsad

දුම්රිය නියාමකයන්ද අද 12 සිට වර්ජනයේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන්න – ඇමරිකානු රජයෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment