දේශීය

‘උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙනවා’

(UTV | කොළඹ) – දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

විභාග කල් දමන ලෙස ඉතිහාසයේ කෙදිනකවත් ශිෂයින් හා දේශපාලඥයින් ඉල්ලීම් නොකළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයෙන් ආරම්භ වන නව පාසල් වර්ෂය දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් විභාගය කල් නොදැමීමේ රජයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්

Mohamed Dilsad

මුතුරාජවෙල ගැටලූව විසඳීමට කමිටුවක්

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තාන ජාතික දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment