දේශීය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවට දැනුම්දෙයි.

Related posts

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද

Editor O

Leave a Comment