දේශීය

බොරතෙල් නැවට ගෙවන්න ඩොලර් නැහැ

(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පසුගිය මස 10 වැනි දා මෙරටට සේන්දු වූ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවේ ය.

ඒ අනුව මේ වනවිට එම නෞකාව මෙරටට ළඟා වී දින 32 කි.

අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බවයි.

මේ අතර මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පෙට්‍රල් නෞකාවට මුදල් ගෙවීමෙන් අනතුරුව එහි තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ.

Related posts

තවත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

Mohamed Dilsad

අධිකරණ ඇමතිට නව සභාපතිධූරයක්

Mohamed Dilsad

ලොහාන්ට එරෙහි පෙත්සම ගොණුකල රැඳවියන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කරයි

Mohamed Dilsad

Leave a Comment