විදෙස්

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

(UTV |  ප්‍රංශය) – තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රංශයේ ඉන්ධන හිඟයක් හටගෙන තිබේ.

මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව වාර්තා වේ.

සියයට 10ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් තෙල් පිරිපහදු කම්හල්වල සේවකයින් එම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

තෙල් සමාගම් සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් ඊට රජය මැදිහත්වී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසෙබෙත් බෝර්න් ප්‍රකාශ කර ඇත.

Related posts

ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

Leave a Comment