දේශීය

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

(UTV | කොළඹ) – කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ(19) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවට වාර්තා විය.

ඒ වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසුවිය.

මීට සති තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වෙයි.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මාළිගාකන්ද විද්ද්‍යෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ 1984 වසරේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති බව සඳහන් වේ.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළේය.

Related posts

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

Mohamed Dilsad

මාලිමාවේ ස්ටිකර් සහිත වාහනයකින්, එළුවන් ගවයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක්

Editor O

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment