දේශීය

දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වෙයි

(UTV | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය වල නව කාලසටහන අද සිට ක්‍රියාත්මකයි.

කාර්යාල දුම්රිය වල ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එලෙස දුම්රිය කාලසටහන සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ පැවසුවේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ ඇතැම් ස්ථාන සදහා වේග සීමාවන් පැනවීමද ඊට තවත් එක් හේතුවක් වනවා.

මේ යටතේ දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වනු ඇති.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරුණු වේලාවට මිනිත්තු 5ත් 10 ත් අතර කාලයක් අඩුවෙන් කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරියාවරයා පැවසුවේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක නව දුම්රිය කාලසටහන පහත පරිදි වනවා…

Gallery

Related posts

අද සවස 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ

Editor O

”තෙවන මාත්‍රාව දෙන්නත් රජය සූදානම්”

Mohamed Dilsad

Leave a Comment